පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවට සම්බන්ධයෙන් වවුනියාවේ පදිංචිකරුවෙකු අද (24) මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදී තිබේ.
වවුනතිව් යුද හමුදා බුද්ධි අංශය භාරයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගත් බුද්ධි වාර්තාවල අඩංගු තොරතුරු මත මෙම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සී.අයි.ඩිය කළ දැනුම් දීමකට අනුව මෙම පියවර ගෙන ඇත. පැයකට ආසන්න කාලයක් තිස්සේ ලබාදුන් අදාළ ප්‍රකාශය මුද්‍රා තබා අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.













