මාස 6 කට ආසන්න කාලයක් තිස්සේ ඇදී යන ඉරාන අර්බුදය හමුවේ, ඉරානය සතු සියලු ආර්ථික සහ මූල්‍ය ශක්තීන් මුළුමනින්ම සිඳී යන පරිදි දැවැන්ත නව සම්බාධක පද්ධතියක් (Secondary Sanctions) ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) මහතා වොෂින්ටන් නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී “Operation Economic Outcast” හෙවත් “ආර්ථික D-Day” ලෙස මෙම මෙහෙයුම හඳුන්වා දුන් අතර, ඉරානය සමඟ ඩිජිටල් වත්කම් (Cryptocurrency), තාක්ෂණය, රත්රන්, ගුවන් සේවා සහ නාවික ක්ෂේත්‍ර (Shipping) ඔස්සේ සබඳතා පවත්වන ඕනෑම පුද්ගලයෙකු, සමාගමක් හෝ රටක් ඇමෙරිකානු ඩොලර් මූල්‍ය පද්ධතියෙන් වහාම තහනම් කරන බවට අවසන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
මීට අමතරව, ඉරානයට අයත් ආයතන, පුද්ගලයන් සහ නෞකා 60 කට ආසන්න ප්‍රමාණයකට අලුතින් සම්බාධක පනවා ඇති අතර, චීනය, ඉන්දියාව ඇතුළු ඉරාන තෙල් ලබාගන්නා සහ වෙළඳ සබඳතා පවත්වන අනෙකුත් රටවලට ද මෙමඟින් දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික බලපෑමක් එල්ල වනු ඇත. මෙම පියවර හරහා හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික අර්බුදය විසඳා ගැනීමටත්, යුද්ධයේ මීළඟ අදියර ජය ගැනීමටත් ඇමෙරිකාව බලාපොරොත්තු වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














