ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ සර්ගි-පොන්ටොයිස් (Cergy-Pontoise) ප්‍රදේශයේ යූරෝ බිලියන 6 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක) පිරිවැයකින් දැවැන්ත “Dragon Ball Z” ඇනිමේ සහ මැංගා තේමා උද්‍යානයක් (Theme Park) ඉදිකිරීමට ප්‍රංශය සහ සෞදි අරාබිය ගිවිසගෙන තිබේ.
සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරුගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් හි එලිසි (Elysee) මාලිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ පැවැති සාකච්ඡාවලදී මෙම තීරණයට එළඹ ඇත. සෞදි අරාබියේ Qiddiya විනෝදාස්වාද ආයෝජන සමූහය විසින් සම්පූර්ණ අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් රැකියා 22,000 ක් පමණ නිර්මාණය වනු ඇති අතර, මෙය යුරෝපයේ ඉදිකෙරෙන විශාලතම විනෝද උද්‍යාන සංකීර්ණයක් වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















