ඊජිප්තුවේ දින 14 ක අධ්‍යයන සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) දූත පිරිස කයිරෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබේ.
බ්‍රිගේඩියර් ධනංජය සෙනරත් මහතාගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 13 දෙනෙකු සහ විදේශීය හමුදා නිලධාරීන් පිරිසක් ඇතුළත් වූහ. ඊජිප්තුවේ ආරක්ෂක, රාජ්‍ය සහ අධ්‍යයන ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවල නිරත වෙමින් වෘත්තීය සාකච්ඡා සඳහා සහභාගී වූ මෙම පිරිස තානාපති කාර්යාලයේදී පිළිගනු ලැබුවේ ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා විසිනි. දෙරට අතර ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ හමුදාමය පුහුණු සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
















