පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ (Eastern Pacific) ගමන් කරමින් තිබූ යාත්‍රාවකට ඇමෙරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකානු දක්ෂිණ විධානය (U.S. Southern Command) සඳහන් කරන්නේ අදාළ යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා භාවිත කරන ලද්දක් බව තහවුරු වූ තොරතුරු ඔස්සේ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව 2025 සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කළ මෙම හමුදා මෙහෙයුම් මාලාව යටතේ මාස දෙකකට වැඩි කාලයකට පසු එල්ල වූ පළමු ප්‍රහාරය මෙය වේ. කෙසේ වෙතත්, මෙම හමුදා ප්‍රහාර මඟින් මෙතෙක් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මේවා නීති විරෝධී ඝාතන (extrajudicial killings) බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















