බංග්ලාදේශය පුරා පිහිටි බන්ධනාගාර 75 තුළ නියමිත ධාරිතාව මෙන් දෙගුණයකට ආසන්න රැඳවියන් පිරිසක් රඳවා තැබීම හේතුවෙන් දැඩි අමානුෂික තත්ත්වයක් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවෙමින් පවතින බව එරට ‘ඩේලි ස්ටාර්’ (Daily Star) පුවත් සේවය වාර්තා කරයි.
බන්ධනාගාර 75 හි සමස්ත ධාරිතාව රැඳවියන් 45,186 ක් වුවද, මේ වන විට 98,233 දෙනෙකු එහි රඳවා සිටිති. මීට අමතරව, සමස්ත බන්ධනාගාර පද්ධතිය සඳහාම අනුමත කර ඇති වෛද්‍ය තනතුරු 151 න් නිත්‍ය සේවයේ යෙදී සිටින්නේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) පමණක් වන අතර, සෙසු බන්ධනාගාර 73 සඳහා යොදවා ඇත්තේ අර්ධකාලීන වෛද්‍යවරුන්ය. මෙම සෞඛ්‍ය පිරිහීම හමුවේ පසුගිය වසරේදී රැඳවියන් 187 දෙනෙකු සහ මේ වසරේ (2026) මේ දක්වා රැඳවියන් 122 දෙනෙකු විවිධ රෝගාබාධවලින් මියගොස් තිබේ.
















