බ්‍රිතාන්‍ය අගමැති ලෙස පත්වීමෙන් පසු සිය පළමු නිල විදෙස් සංචාරය සලකුණු කරමින් ඇන්ඩි බර්න්හම් (Andy Burnham) යුක්රේනයේ කීෆ් (Kyiv) අගනුවර වෙත පැමිණ තිබේ. රුසියාවට එරෙහිව යුක්රේනය ගෙන යන සටන සඳහා දුරදිගු මිසයිල නිෂ්පාදනය කිරීමට අවශ්‍ය හමුදාමය හා තාක්ෂණික සහයෝගය ලබාදීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
සංචාරය අතරතුරදී යුක්රේනයේ නිදහස් සැමරුම් උත්සවයට සහභාගී වන අගමැතිවරයා, ජාතික හමුදා අනුස්මරණ සුසාන භූමියේදී මියගිය යුක්රේන සෙබළුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීය. හිටපු අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) මහතාගේ පාලන සමයේදී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව පිහිටුවන ලද යුක්රේන පාර්ශ්ව සන්ධානයේ පළමු රැස්වීමේ මුලසුන දැරීමට ද අගමැති ඇන්ඩි බර්න්හම් නියමිත අතර, බ්‍රිතාන්‍යය යුක්රේනයට ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගයමින් ඔහු වෙත සම්මානයක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.
















