අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි සහායකයන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ.
මෙම පළමු අදියර යටතේ උතුරු මැද පළාතේ ලොතරැයි අලෙවිකරණයේ නියුතු සහායකයන්ගේ දරුවන් 65 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනමා ඇති අතර, දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන් වෙත මෙම ආධාර හිමි වේ. සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජජ ජාලය විසින් 2026 වසරේ මුල් මාස 6 තුළ පමණක් ජනාධිපති අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 5,112 ක මූල්‍ය දායකත්වයක් ලබා දී ඇති බව කථානායකවරයා මෙහිදී සඳහන් කළ අතර, ජනාධිපති අරමුදල දැන් කොළඹට සීමා වූ ආයතනයක් නොව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විමධ්‍යගත කළ ජනහිතකාමී සේවාවක් බවට පත් කර ඇති බවද අවධාරණය කළේය. මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















