ජනවාරි මස මුල සිට අගෝස්තු 18 වන දින දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,468,980 ක් (ලක්ෂ 14.5 ඉක්මවා) ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
අගෝස්තු මස පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 125,562 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, එම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි (27,884). දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් පිළිවෙළින් එක්සත් රාජධානියෙන් (13,980) සහ ප්‍රංශයෙන් (8,776) සංචාරකයෝ පැමිණ සිටිති. වසරේ ගතවූ සමස්ත කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර (366,114), මාසිකව වැඩිම සංචාරක පිරිසක් (279,328) පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදීය.
















