කැලණි ගඟේ දකුණු ඉවුර සහ අඹතලේ ජල පවිත්රාගාර ආසන්නයේ ජලයේ ගුණාත්මක භාවයට මතුව තිබූ අවදානම් තත්ත්වය ත්‍රිවිධ හුමුදාවේ සහාය ඇතිව මේ වන විට විසඳී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විපක්ෂ කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නිර්දේශ මත සිදු කළ රසායනාගාර පරීක්ෂණවලින් ජලය අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු වීමත් සමඟ ජල බෙදාහැරීම යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ අදාළ ප්‍රදේශවල ජල සැපයුම සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත්වනු ඇති බව අපේක්ෂිතය. කෙසේ වෙතත්, බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි අතර, පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති මෙම පියවර සඳහා මහජනතාවගේ සහාය ජල මණ්ඩලය ඉල්ලා සිටියි.













