ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධය සහ තර්ජන මැද ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බදර් බින් හමාද් අල් ඉරානයේ නිල සංචාරයක නිරත වී තිබේ.
ඇමරිකා – ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳ නැව් ගමනාගමනයේ ප්‍රධාන මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කර ඇති පසුබිමක් තුළ මෙම සංචාරය සිදුව ඇත. ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැක්කේ ඕමානය සමඟ පමණක් බව ඉරානය ප්‍රකාශ කර ඇති අතර, ඕමානයද ඊට කැමැත්ත පළ කර තිබේ.
ඇමරිකන් හිතවාදී රටක් වන ඕමානයේ ඇමරිකානු හමුදා කඳවුරු පිහිටා ඇති අතර, මෙම අර්බුදයට මැදිහත් නොවන්නැයි ජනාධිපති ට්‍රම්ප් ඕමානයට ප්‍රසිද්ධියේ තර්ජනය කර තිබිණි. එහෙත් එම තර්ජන නොතකා ඕමාන විදේශ අමාත්‍යවරයා ඉරානය වෙත පැමිණ ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඒ හරහා ගමන් කරන නැව්වලින් ගාස්තු අයකර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි නිවේදනය කර ඇත.














