ජාතික ලොතරැයි මණ්ඩලයේ සමාජයීය වගකීම් වැය ශීර්ෂය යටතේ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කර තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා විසින් අදාළ උපකරණ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් පෙරේරා මහතා වෙත නිල වශයෙන් ලබා දී ඇත. මෙම අවස්ථාව සඳහා සීතාවක නගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන යූ.එල්.එච්. පෙරේරා සහ නිරෝෂ් දයාරත්න යන මහත්වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.














