සිරියාව තවදුරටත් ත්රස්තවාදයට අනුග්රහය දක්වන රටක් නොවන බව ප්රකාශ කරමින්, ඇමරිකාව විසින් නම් කරනු ලැබූ ත්රස්තවාදයට අනුග්රහය දක්වන රාජ්ය ලැයිස්තුවෙන් සිරියාව ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
බලය අතහැර රුසියාවට පලා ගිය බෂාර් අල් අසාද් පාලන සමයේදී සිරියාව මෙම ලැයිස්ුතුවට ඇතුළත් කර තිබිණි. සිවිල් යුද්ධයෙන් පසු සිරියාවේ බලයට පත්වී ඇති නව රජය, විපක්ෂ කණ්ඩායම් මගින් පිහිටුවන ලද්දක් වන අතර, හිටපු අල් කයිඩා සටන්කාමියකු වන අහ්මද් අල් ෂාරා වර්තමානයේ සිරියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ හිත දිනා ගැනීමට සමත් වීමත් සමඟ, ඇමරිකාව මෙම තීරණයට එළඹ තිබේ.














