කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 1975 කණ්ඩායමේ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් **”Colombo 75 Medics”** සංගමය විසින් රුපියල් මිලියන 1.7 ක් වටිනා දැඩි සත්කාර ඒකක (ICU) මොනිටර් 06 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත අදාළ උපකරණ තොගය භාර දීම සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා “Colombo 75 Medics” සංගමයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, භාණ්ඩාගාරික පුෂ්පකාන්ති කුමාරගේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ හිටපු අධ්‍යක්ෂවරියක වන වෛද්‍ය රාණි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. පසුගිය කාලය පුරා මෙම සංගමය විසින් සිදු කර ඇති ජන සුභසාධන සහ සමාජ සත්කාර සේවා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරිණි.














