ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඉරිදා (අගෝස්තු 23) කළුතර පැමෝරා (Panorama) හෝටලයේදී විශේෂ ‘ජනතා දිනයක්’ (Public Day) පවත්වන ලදී.
මෙම වැඩසටහන හරහා හමුදා ප්‍රවීණයන්ට (Veterans) සහ සාමාන්‍ය ජනතාවට තම ගැටලු, ඉල්ලීම් සහ විමසීම් සෘජුවම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයට යටත් වන කරුණු කඩිනමින් සහ විධිමත්ව විසඳන ලෙස අදාළ නිලධාරීන්ට එම ස්ථානයේදීම උපදෙස් ලබා දුන්නේය.
ජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි, විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමයක් සහ ප්‍රජා කේන්ද්‍රීය යාන්ත්‍රණයක් තහවුරු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.














