සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රංශයේ දෙදින නිල සංචාරයක් සඳහා පැරිස් අගනුවර වෙත පැමිණ තිබේ.
පැරිස් නුවර ඉලීසේ ප්‍රංශ ජනාධිපති මන්දිරයේදී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවූ සෞදි කුමරු, දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී. සෞදි අරාබියෙන් පිටත ප්‍රථම වරට ප්‍රංශයේ පැවති ඊ-ස්පෝර්ට්ස් ලෝක කුසලාන තරගාවලියේ සමාප්ති උළෙලට එක්වීමෙන් අනතුරුව කුමරු මෙම රාජ්‍ය සංචාරය ආරම්භ කළේය.
මෙම සාකච්ඡාවලදී සෞඛ්‍ය, ප්‍රවාහන සහ බලශක්ති ක්ෂේත්රවලට අදාළ වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණු අතර, විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය මඟහැර තෙල් සහ බලශක්ති ප්‍රවාහනය කළ හැකි විකල්ප නළ මාර්ග සහ නව වරාය ජාල නිර්මාණය කිරීම කෙරෙහි නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය.














