මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව, ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහ දේවාලයන්හි සේවය කරන හස්ති පාලක මහත්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
කන්ද උඩරට පුරවරයේ වසර 40 කට අධික කාලයක් ජනතාවගේ විශ්වාසය දිනාගත් **මහනුවර සුවසෙවන රෝහල** මඟින් මෙම සත්කාරය සංවිධානය කර තිබිණි.
මෙම අගනා කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සහ **The Elephant Promise** පදනම ඇතුළු සියලුම පාර්ශ්වයන් විසින් ලබා දෙන ලද සහයෝගය මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන ලදී.














