දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 16,600 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
අගෝස්තු 03 වන දින සවස 6.00 සිට අද (25) උදෑසන 6.00 දක්වා වාර්තා වූ දත්තවලට අනුව, පවුල් 4,241 කට අයත් පුද්ගලයින් 16,647 ක් මෙලෙස පීඩාවට පත්ව ඇත. දිස්ත්‍රික්ක 15 ක ජනතාවට මෙම කාලගුණ තත්ත්වයේ බලපෑම් එල්ල වී ඇති අතර, වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ (7,736), මහනුවර (4,925) සහ රත්නපුර (2,487) යන දිස්ත්‍රික්කවලිනි.
මෙම කාලගුණ විපර්යාස හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 60 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වේ. එසේම නිවාස 741 ක්
වශයෙන් හා නිවාස 8 ක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර, පීඩාවට පත් පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ආපදා කළමනාකරණ අංශ කටයුතු යොදමින් සිටියි.














