ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයේ සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ සහ ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින්, ඉදිරි ජාතික සංගණනයේ ජාති පිළිබදව දත්ත රැස්කිරීම සඳහා සකසා ඇති වත්මන් ප්‍රශ්නාවලිය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා සිටි බව Times Now සහ The Hindu වාර්තා කරයි.
විපක්ෂ නායකවරුන් පෙන්වා දෙන්නේ රජය විසින් ජාතිය පිළිබද තොරතුරු සටහන් කරගැනීමට විවෘත ප්‍රශ්න ආකෘතියක් භාවිත කිරීම බරපතල ගැටලුකාරී සහ නොමඟ යවන සුළු එකක් බවයි. මෙම ක්‍රමය යටතේ එකම ජාතිය විවිධ ප්‍රාදේශීය නම්, උප-ජාතීන් සහ අක්ෂර වින්යාසයන්ගෙන් සටහන් වීම නිසා දත්ත විසිරී ගොස් නිවැරදි සංඛ්‍යාලේඛන ලබාගැනීමට නොහැකි වන බවත්, මෙයින් වඩාත්ම අගතියට පත්වන්නේ අනෙකුත් පස්සට තල්ලු වූ කුල සහ ඉතා දුප්පත් ජනකොටස් බවත් ඔවුහු අවධාරණය කරති.
බිහාර් සහ තෙලංගානා ප්‍රාන්තවල සිදුකළ සාර්ථක ජාති සංගණන ආකෘතීන් පදනම් කරගනිමින්, නිවැරදි කර තහවුරු කරන ලද ජාති නාම ලැයිස්තුවක් සහිත නව ප්‍රශ්නාවලියක් සකස් කරන ලෙසත්, ඒ සඳහා දේශපාලන පක්ෂ සහ විද්වතුන් සමඟ සාකච්ඡා පවත්වන ලෙසත් කොංග්රස් නායකයෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
















