ලබන සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගී වීමට වැඩි ඉඩකඩක් පවතින බව Reuters සහ පුවත් සේවය වාර්තා කරයි.
මෙය 2019 වසරෙන් පසුව, එනම් වසර 7 කට පසුව චීන ජනාධිපතිවරයෙකු සිදුකරන ප්‍රථම ඉන්දීය සංචාරය වන අතර, මෙවර 400 කගෙන් සමන්විත දැවැන්ත නියෝජිත පිරිසක් ද ඔහු සමඟ පැමිණීමට නියමිත බව හෙළිවී තිබේ.
2020 වසරේ ගල්වාන් නිම්නයේ හටගත් ගැටුම්වලින් පසුව ඉන්දියාව සහ චීනය අතර පැවැති දැඩි උණුසුම් රාජ්‍යතාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත්කර ගැනීමේ සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදුවන බව පැවසේ. මේ අතර, බ්‍රික්ස් සමුළුවට සමගාමීව ඉන්දියාවේ අධ්‍යාපන සහ විභාග අර්බුද පදනම් කරගනිමින් විරෝධතාවල නිරත වන කොක්රෝච් ජනතා පක්ෂය ඇතුළු ශිෂ්‍ය සංවිධාන මගින් විරෝධතා පාගමන් සංවිධානය කිරීමට ද සූදානම් වන බව පුවත් වාර්තා සදහන් කරයි.
සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත අතර, එය දේශසීමා ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික වෙළඳාම සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















