ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 4 දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
මෙලෙස අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ඇමෙරිකාව, චීනය, බ්‍රසීලය, බංග්ලාදේශය, ඔස්ට්‍රියාව, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්‍යය නියෝජනය කරන නිලධාරීහු ඇතුළත් වෙති. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාව මෙරට විදේශ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන පියවරක් ලෙස සැලකේ.
















