රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන මඟින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදු නොවන බවත්, එබැවින් මෙම සංශෝධනය සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
















