ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ මෙන්ම උතුර, උතුරු-මැද, වයඹ පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට පැයට කිලෝමීටර් 40-50 ත් අතර තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී. අම්පාර, මොණරාගල සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















