ගෝලීය වශයෙන් මතුවිය හැකි ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික බලපෑම හමුවේ මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වා ගැනීමට සහ වෙළඳපොළ මිල ගණන් ස්ථාවරව තබා ගැනීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පැවැති විශේෂ සාකච්ඡාවකදී, පරිප්පු, අර්තාපල්, ළූණු, ලුණු, කරවල සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල වත්මන් තොග පිළිබඳව සහ ශ්‍රී ලංකා රේගුවේ දත්ත පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. එල් නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන සෘජු බලපෑම අවම වුවද, ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වැළැක්වීමට අමාත්‍යාංශ ලේකම්, පාරිභෝගික කටයුතු අධිකාරිය, සතොස සහ ආනයනකරුවන් එක්ව අඛණ්ඩව වෙළඳපොළ නිරීක්ෂණය කිරීමට මෙහිදී එකඟතාව පළ විය.













