රිටිගල, කළුඑළිය ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක සිරවී සිටි ඉබ්බන් 15 දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන අසල පිහිටි ජලාශ්‍රිත ප්‍රදේශයකට මුදාහැරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.
ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය සොයා යාමේදී මෙම ඉබ්බන් ළිඳට වැටෙන්නට ඇති බවට විශ්වාස කෙරේ. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉබ්බන් සියලු දෙනා සෞඛ්‍ය සම්පන්නව බේරාගෙන, ජල පහසුකම් සහිත රිටිගල දෙමටවැව ප්‍රදේශයට මුදාහැර ඇත. පවතින වියළි කාලගුණය නිසා වනසතුන් ජලය සොයා නිතර සැරිසරන බැවින්, උගුල් සහ අතහැර දැමූ ළිං වැනි අනතුරුවලින් උන් සුරක්ෂිත කරගැනීමට අවධානයෙන් පසුවන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















