කන්ද උඩරට ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (25) පස්වරු 6.53 ට යෙදුණු සුභ මුහුර්තියෙන් වීථි සංචාරය ආරම්භ කර තිබේ.
මෙවර තෙවැනි රන්දෝලි පෙරහැරේ ශ්‍රී දළදා සමිඳුන්ගේ සධාතුක කරඬුව තේජාන්විතව වැඩම කරවීමේ පරම පූජනීය භාග්‍යය හිමිවූයේ ‘සිංහරාජා’ හස්ති රාජයාටය. උඩරට සංස්කෘතික නර්තනාංග, අලි ඇතුන් සහ අලංකාර පෙරහැර අංග රැසකින් සමන්විතව වීථි සංචාරය කෙරෙන මෙම පෙරහැර නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් මහනුවර ඓතිහාසික නගර පරිශ්‍රය වෙත රැස්ව සිටිති.















