ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි කාන්තා සංවිධානය වෙනුවෙන් එම සංවිධානයේ ලේකම් නීතිඥ අනුරාධා ලක්මිණි ගුරුගේ මෙනවිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. යෝජිත සංශෝධනය මඟින් වර්තමාන විනිශ්චයකාරවරුන්ට සෘජු බලපෑමක් ඇති වන බැවින් අධිකරණයේ ස්වාධීනත්වයටත්, බලතල වෙන් කිරීමේ මූලධර්මයටත් දැඩි හානියක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දෙයි. එසේම මහජන කතිකාවතකින් තොරව ගෙන ආ මෙම සංශෝධනය මඟින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බැවින්, මෙය සම්මත කරගැනීමට පාර්ලිමේන්තු බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට තීන්දුවක් දෙන්නැයි පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
















