CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් හදිසි සහ රහසිගත සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවර වෙත පැමිණ ඇති බව The Wall Street Journal පුවත්පත සහ CBS News උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ C-17A Globemaster III යුධ ගුවන් යානයකින් මොස්කව්හි ව්නුකොවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි රැට්ක්ලිෆ්, රුසියානු ඉහළ පෙළේ ආරක්ෂක සහ ගුප්ත තොරතුරු අංශ ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා මන්දගාමී වී ඇති පසුබිමක සහ දෙරට අතර සිරකරුවන් හුවමාරු කරගැනීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් ක්‍රියාත්මක වන අතරතුර සිදු වූ මෙම සංචාරය, ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් මෑත කාලයේ රුසියාවේ සිදු කළ පළමු නිල නොවන සංචාරය ලෙස සැලකේ.














