එක්සත් රාජධානියේ බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ප්‍රබල මුස්ලිම් කල්ලි විසින් සුදු ජාතික සිරකරුවන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ඉස්ලාම් දහම වැළඳ ගැනීමට බලපෑම් කරන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳව වහාම රජයේ මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා සිටි බව WION පුවත් සේවයේ Gravitas වැඩසටහන වාර්තා කරයි.
බන්ධනාගාර තුළ පවතින මෙම අන්තවාදී කල්ලිවල තර්ජනය සහ හිරිහැර හමුවේ ආරක්ෂාව පතා ඇතැම් සිරකරුවන්ට අකමැත්තෙන් වුවද මෙලෙස ආගම මාරු කිරීමට සිදුවී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ. බන්ධනාගාර පද්ධතිය තුළ මෙලෙස අන්තවාදී කල්ලි බලවත් වීම සහ සිරකරුවන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන බලපෑම් වැළැක්වීමට බ්‍රිතාන්‍ය රජය සහ බන්ධනාගාර බලධාරීන් වහාම පියවර ගත යුතු බවටද මෙහිදී අවධාරණය කෙරිණි.














