යුක්‍රේනය විසින් රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාව තුළ හටගෙන ඇති ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, එරට ඩීසල් අපනයන තහනම සැප්තැම්බර් මාසය අවසානය දක්වා දීර්ඝ කිරීමට රුසියානු බලධාරීන් අපේක්ෂා කරන බව වාර්තා වේ.
ප්‍රහාරවලට ලක්වූ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන රැසක කටයුතු තවමත් අක්‍රිය වී පැවතීම නිසා මෙම අපනයන තහනම වසර අවසානය දක්වාම පවත්වාගෙන යාම පිළිබඳව ද එරට නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. රුසියාවේ නියෝජ්‍ය අගමැතිවරයා පසුගිය සතියේදී එරට ඩීසල් හිඟයක් නොමැති බව ප්‍රකාශ කළද, දේශීය වෙළඳපොළේ පවතින පාරිභෝගික තෙල් හිඟය හමුවේ මෙලෙස අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවීම කැපී පෙනෙන තත්ත්වයකි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal (x) ඇසුරින්














