42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට (26) පස්වරු 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන මෙම රාජ්‍ය මහෝත්සවය සඳහා ආගමික නායකයින්, මැතිඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.














