අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව පිළිබඳව පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ, ඇල්පිටිය කොට්ඨාසයෙන් බාහිර උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය නිවේදනය කරයි.
තම පියාට පොලිසිය පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිසියේ කලහකාරී ලෙස හැසිරෙන අයුරු වීඩියෝවේ දැක්වේ. කෙසේ වෙතත්, අදාළ වියපත් පුද්ගලයා ඊයේ (24) රාත්‍රියේ බීමත්ව හැසිරීම නිසා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇදවැටීමෙන් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. අද (25) බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.














