එල් නිනෝ (El Niño) තත්ත්වයේ උපරිම බලපෑම හේතුවෙන් මෙරට ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් සමඟ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේම, ලබන ජනවාරි සිට අප්‍රේල් දක්වා වැසි අඩුවී මාර්තු-අප්‍රේල් කාලසීමාවේදී මෙරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.1 සීමාව ඉක්මවා යාමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළේය. පසුගිය ජූලි මාසයේ ඇරඹි එල් නිනෝ තත්ත්වය ලබන වසරේ මැයි දක්වා පැවැතීමට ඉඩ ඇත.
මේ අතර, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (26) විටින් විට තද වැසි (මි.මී. 75 ට වැඩි) ඇතිවිය හැකිය. එල් නිනෝ හේතුවෙන් හටගත් වියළි කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 7ක පවුල් 25,628ක පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.













