ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාවේ අසීර් (Aseer) කලාපය අතර වාණිජ හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ අභා (Abha) වාණිජ මණ්ඩලයේ මහ ලේකම් ආචාර්ය මිස්ෆර් ඒ. අල්-වඩායි මහතා අතර පවත්වා තිබේ.
මෙහිදී සංචාරක, ආගන්තුක සත්කාර, කාර්මික සහ මානව සම්පත් යන ක්ෂේත්‍රයන්හි දෙරටේ පෞද්ගලික අංශ අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත. එසේම, 2026 ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ‘ශ්‍රී ලංකා ආයෝජන සංසදය’ සහ 2027 ජනවාරි මාසයේ පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස සවුදි ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළ තානාපතිවරයා, සවුදියේ වර්ධනය වන සංචාරක ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලාංකික දක්ෂ හා අර්ධ දක්ෂ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.













