ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව ආනයන බදු හේතුවෙන් අර්බුදයට ලක්ව සිටින තම රටේ අපනයනකරුවන් වෙනුවෙන් විශේෂ බදු සහන කාලයක් ලබාදීමට බ්‍රසීල රජය තීරණය කර තිබේ.
බ්‍රසීලයේ පවතින ‘Drawback’ බදු සහන ක්‍රමවේදය යටතේ අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ගෙන්වන අමුද්‍රව්‍ය සඳහා බදු අය නොකෙරේ. කෙසේ වෙතත්, ඇමෙරිකාව පැනවූ අලුත් බදු හේතුවෙන් පෙර සැලසුම් කළ පරිදි භාණ්ඩ අපනයනය කිරීමට නොහැකි වූ සමාගම්වලට එම බදු සහනය අහිමි වීමේ අවදානමක් මතුවිය. ඒ අනුව, ඇමෙරිකානු බදු පැනවීමට පෙර එම අපනයනයන් සැලසුම් කර තිබූ බවට සාක්ෂි ඉදිරිපත් කරන සමාගම් සඳහා අදාළ බදු සහන කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට බ්‍රසීල රජය පියවර ගෙන ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














