එල්-නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හේතුවෙන් පවතින දැඩි නියඟයෙන් හානියට පත් වගා බිම් සඳහා කඩිනමින් වන්දි ගෙවීම වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර තිබේ.
මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල බලපෑමට ලක් වූ වගා බිම් අක්කර 8,000ක පමණ ප්‍රමාණයක් සඳහා ඉදිරි කන්නයට පෙර මෙම වන්දි මුදල් නිදහස් කිරීමට නියමිතය. වී, බඩඉරිඟු, සෝයා, ලොකු ළූණු, අර්තාපල් සහ අමුමිරිස් වගා හානි සඳහා ගොවීන් 7,000කට වැඩි පිරිසකට මෙමඟින් සහන සැලසෙන අතර, හානියට පත් වූ ගොවීන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හෝ 1918 කෙටි ඇමතුම් අංකය හරහා තොරතුරු දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.














