උතුරු පළාතේ වකුගඩු රෝගී ඒකක සඳහා නව රුධිර කාන්දුකරණ යන්ත්‍ර (Dialysis Machines) 04ක් වවුනියාව මහ රෝහල සහ මල්ලාවි මූලික රෝහල වෙත ලබාදීම සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
‘කැනඩාවේ සෙන්දිල් කුමරන් සහන පදනම’ විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 13.2ක් වටිනා මෙම යන්ත්‍ර තොගය උතුරු පළාතේ වකුගඩු රෝගීන් මුහුණදෙන රුධිර කාන්දුකරණ යන්ත්‍ර හිඟයට පිළියමක් ලෙස ලබා දී ඇත. එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 3.3ක් වන අතර, එමඟින් දිනකට රෝගීන් දෙදෙනකුට ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතී. මෙම අවස්ථාව සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පදනමේ සභාපති සෙන්දිල් කුමරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














