42 වැනි ජාතික මිලාද් උන් නබි උත්සවයට සමගාමීව මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල් විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීම සහ සිසු නිර්මාණ ප්‍රදර්ශනය විවෘත කිරීම පෙරේදා (24) සිදු කර තිබේ.
විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදු කෙරිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලී සහ මීගමුව නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ ඇතුළු විශේෂ ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර, සිසු දරු දැරියන්ගේ බහුවිධ කුසලතා විදහාපාන නිර්මාණ ප්‍රදර්ශනයද මෙහිදී නැරඹීමට අවස්ථාව සැලසිණි.














