මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් ‘සිරි දළදා සමිඳුන්ට පිදෙන පාරිසරික සත්කාරය 2026’ වැඩසටහන දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක පරිසර නියමු දරුවන්ගේ සහභාගිත්වයෙන් මෙවරත් ක්‍රියාත්මක කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව, මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ ආයතනවලද සහයෝගය ඇතිව මෙම සත්කාරය ක්‍රියාත්මක කරනු ලබයි. පෙරහර පැවැත්වෙන අගෝස්තු 18 සිට 27 වැනිදා දක්වා දින 06ක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මහනුවර නගරය කසළින් තොර නගරයක් කර ගැනීමේ අරමුණින් පාසල් 30කට අධික සංඛ්‍යාවක පරිසර නියමු දරුවන්ගේ සහභාගිත්වයෙන් පෙරහර නරඹන්නන් අපද්‍රව්‍ය අවම කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරේ.














