ග්‍රාමීය බැංකු ක්ෂේත්රයේ ප්‍රථම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් කළගෙඩිහේන ග්‍රාමීය බැංකුවේදී ආරම්භ කෙරිණි. මෙම විශේෂ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ද සහභාගී විය.
මෙම නව ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය බැංකු පද්ධතිය මඟින් ජනතාවට වඩාත් කඩිනම් සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ. එමෙන්ම, මෙහි පවතින විශේෂත්වය වන්නේ ගනුදෙනුකරුවන්ට තම සේවාවන් ඉතා පහසුවෙන් සහ වඩාත් ආරක්ෂාකාරීව ඉටුකර ගැනීමට මින් අවස්ථාව උදා වීමයි.














