2026 අගෝස්තු 25 වන දින නාවලපිටිය පොලිස් වසමේ පොරපොට ප්‍රදේශයේදී, නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 540 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 30 ක් වන කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නාවලපිටිය පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














