සුපිරි නළු යෂ් ප්‍රධාන චරිතය හොබවන, ගීතු මොහොන්දාස් අධ්‍යක්ෂණය කරන ලද ‘Toxic: A Fairy Tale for Grown-ups’ චිත්‍රපටය, නිකුත් වීම සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධී වාර්තා පැවතියද, මූලික ආදායම් වාර්තා අනුව යහපත් ආරම්භක ආදායමක්ලබාගැනීමට සමත්ව ඇති බව Times Now පුවත් සේවය වාර්තා කරයි.
කන්නඩ සිනමාවේ දැවැන්තම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ තිරගත කිරීම් සහ බොක්ස් ඔෆිස් වාර්තා පිළිබඳව මාධ්‍ය තුළ විවිධ මත පළවූ නමුත්, යෂ්ගේ විශිෂ්ට රංගනය සහ ගීතු මොහොන්දාස්ගේ අනර්ඝ අධ්යක්ෂණ රටාව හමුවේ ප්‍රේක්ෂකයන් අතර විශාල උද්යෝගයක් නිර්මාණය වී තිබේ.
මෙම මූලික සාර්ථකත්වය සමඟින් ඉදිරි දින කිහිපය තුළදී චිත්‍රපටයේ ආදායම් වාර්තා තවදුරටත් ඉහළ යනු ඇත්ද සහ බොක්ස් ඔෆිස් ක්ෂේත්රය තුළ දැවැන්ත පෙරළියක් කිරීමට මෙම චිත්‍රපටයට හැකිවනු ඇත්ද යන්න පිළිබඳව සිනමා විචාරකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.














