2026 අගෝස්තු 25 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 යි මිලිග්‍රෑම් 490 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 31 ක් වන පින්නවල, වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැල්ලම්පිටිය පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














