චීන-ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයින්ගේ 25 වැනි සාකච්ඡා වටය ඊයේ (25) බෙයිජිං නුවරදී පවත්වන ලදී. එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ චීන විශේෂ නියෝජිත, විදේශ අමාත්‍ය වැං යී (Wang Yi) මහතා සඳහන් කළේ, දෙරටේ සබඳතා යහපත් හා ස්ථාවර ලෙස වර්ධනය වීම දෙරටේම ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර එය ගෝලීය හා උපායමාර්ගික වශයෙන් ද වැදගත් වන බවයි. එසේම, දේශසීමා කටයුතු සම්බන්ධයෙන් ධනාත්මක ආඛ්‍යානයක් ගොඩනගා ගනිමින් සංවාදය, සාමය සහ සහයෝගීතාව ප්‍රධාන ප්‍රවණතාව බවට පත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
ඉන්දියාවේ විශේෂ නියෝජිත සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් (Ajit Doval) මහතා ප්‍රකාශ කළේ, චීනය සමඟ උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කරමින්, දේශසීමා ඵලදායී ලෙස කළමනාකරණය කර දේශසීමා ගැටලුවට විසඳුම් සෙවීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වේගවත් ලෙස වැඩිදියුණු කර සංවර්ධනය කිරීමට ඉන්දියාව සූදානම් බවයි.














