2026 අගෝස්තු 25 වන දින උදෑසන කිරිබත්ගොඩ පොලිස් වසමේ ඊරියවැටිය ප්රදේශයේදී, බස්නාහිර දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත. එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 75 ක් (බෝතල් 100 ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 51 ක් වන හුණුපිටිය, කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. කිරිබත්ගොඩ පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














