2026 අගෝස්තු 25 වන දින, වෙන්නප්පුව පොලිස් වසමට අයත් ලයිට් කාල ප්රදේශයේදී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.
කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය වූ දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට ලද පණිවුඩයක් මත වෙන්නප්පුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වූ කුඩාපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














