2026 අගෝස්තු 25 වන දින, රත්පොට පොලිස් වසමට අයත් මාපේගම – රත්පොට මාර්ගයේ පේරගම ප්රදේශයේදී, මාපේගම දෙසට ධාවනය වූ ජීප් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රී රෝද රථයක් සමඟ මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්රී රෝද රථය පැදවූ කාන්තාව සහ එහි පිටුපස ගමන් ගත් දරුවෙකු මාපේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ පුගුඩ රත්පොට ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුර සම්බන්ධයෙන් ජීප් රථ රියැදුරු අත්අඩංගුලට ගෙන ඇති අතර, රත්පොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














