ලොව “වයස්ගතම උපන් බිළිඳා” ලෙස සැලකෙන තැඩියස් ඩැනියෙල් පියර්ස් නම් බිළිඳා එක්සත් ජනපදයේ උපත ලබා තිබෙනවා. 2025 ජූලි 26 වැනිදා මෙලොව එළිය දුටු ඔහු උපත ලබා ඇත්තේ වසර 30කට වැඩි කාලයක් ශීත කළ තත්ත්වයේ ගබඩා කර තිබූ කලලයකින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම කලලය 1994 වසරේදී IVF ප්‍රතිකාර ක්‍රියාවලියක් මගින් නිර්මාණය කර තිබූ බව සඳහන්. එය එතැන් සිට එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් යුවළ විසින් දරුකමට හදා ගැනීම සඳහා එහි ජීව විද්‍යාත්මක මවගෙන් ලබාගෙන තිබෙනවා. වසර ගණනාවක් ශීත කළ තත්ත්වයේ පැවති එම කලලය 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේ පියර්ස්ගේ ගර්භාෂයට මාරු කර ඇති බව වාර්තා වනවා.
බිළිඳාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 දශකයේදී IVF ප්‍රතිකාර ලබාගෙන තිබූ බවද සඳහන්. ඒ අනුව, දශක තුනකට වැඩි කාලයක් ශීත කළ තත්ත්වයේ පැවති කලලයකින් බිළිඳෙකු සාර්ථකව උපත ලැබීම ප්‍රජනන වෛද්‍ය ක්ෂේත්රයේ අවධානයට ලක්වන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.














