ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සෘජු හමුදාමය ප්‍රහාරවලින් බැහැරව ආර්ථික පීඩනය යෙදවීමේ උපායමාර්ගයට යොමුවීම, තමන්ට එරෙහිව දියත් කළ හමුදාමය මෙහෙයුම් අසාර්ථක වූ බවට ඉරාන නායකයන් ලබාගන්නා සාක්ෂියක් ලෙස සැලකිය හැකි අතර, එය ඔවුන්ව තවදුරටත් ධෛර්යමත් කිරීමටහේතුවිය හැකි බව The Economist සඟරාව වාර්තා කරයි.
මහා පරිමාණ හමුදාමය ගැටුමකින් වැළකී සිටීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් සම්බාධක සහ නාවික වටලෑම වැනි ආර්ථික පීඩන ක්‍රමවේද තෝරාගෙන තිබුණද, එම පියවර ඉරානය විසින් ඇමරිකාවේ පසුබැසීමක් ලෙස අර්ථකථනය කිරීමට ඉඩ ඇති බව ආර්ථික හා දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙමඟින් මධ්‍යපෙරදිග කලාපයේ පවතින රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්භාවය අඩුවනවා වෙනුවට, ඉරානය සිය කලාපීය බලපෑම සහ න්‍යෂ්ටික වැඩසටහන් තවදුරටත් තීව්ර කිරීමට පෙළඹීමේ අවදානමක් පවතින බව ද අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
















