පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක වයස අවුරුදු 15ක දැරියක සිය පාසලේ ක්‍රීඩා ගුරුවරයකු සහ තවත් ගුරුවරයකු විසින් අතවරයකට ලක් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොළොන්නරුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙම ක්‍රීඩා භාර ගුරුවරයා සහ අනෙක් ගුරුවරයා විසින් දැරියගේ ජංගම දුරකථනයේ කෙටි පණිවුඩ ඔස්සේ ඇයට අසභ්‍ය ඡායාරූප යවා පසුව මෙම අතවරය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර ගුරුවරුන් දෙදෙනා පාසල් නිවාඩුව හේතුවෙන් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති අතර, ඔවුන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.
















